පේරු රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයේදී දකුණේ පක්ෂග්‍රාහී අපේක්ෂිකාවක වන කීකෝ ෆුජිමෝරි (Keiko Fujimori) 16.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවන බව Ipsos Peru ආයතනය විසින් නිකුත් කරන ලද මූලික නිල නොවන ඡන්ද විමසීම් (Exit Poll) වාර්තා පෙන්වා දෙයි.
වාමාංශික අපේක්ෂක රොබෝටෝ සැන්චෙස් (Roberto Sanchez) 12.1%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර, මධ්‍යස්ථ වාමාංශික අපේක්ෂක රිකාඩෝ බෙල්මොන්ට් (Ricardo Belmont) 11.8%ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ පසුවේ. පේරු රාජ්‍යයේ මැතිවරණ නීතියට අනුව කිසිදු අපේක්ෂකයෙකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයින් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතුය.
ඒ අනුව, ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවන වටය එළඹෙන ජූනි 7 වනදා පැවැත්වීමට නියමිතව ඇත. දශක කිහිපයක සිට පේරු දේශපාලනයේ ප්‍රමුඛ චරිතයක් වන කීකෝ ෆුජිමෝරි මෙලෙස පෙරමුණ ගැනීම එරට දේශපාලන ගමන්මග කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














