අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, සීසීටීවී (CCTV) කැමරා පද්ධති ඔස්සේ මෙම නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බවයි.
උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා අධිවේගී මාර්ග පිවිසුම් අසල විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇත. අනතුරුදායක ලෙස රිය පදවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරයි.
එමෙන්ම, රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තොරතුරු සහ වීඩියෝ දර්ශන ලබා දීම සඳහා මහජනතාව වෙත විශේෂ WhatsApp අංකයක් ද හඳුන්වා දී ඇත. ඒ අනුව, 070 4755600 යන අංකය ඔස්සේ එවැනි තොරතුරු පොලිසිය වෙත යොමු කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














