ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 19.67 කින් නිම කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට යොවුන් ක්‍රීඩක ගවුට් ගවුට් සමත්ව තිබේ. මෙම විශිෂ්ට දක්ෂතාවත් සමඟ ඔහු සුපිරි ධාවන ශූර උසෙන් බෝල්ට් සහ එරියන් නයිටන් සතු කර තිබූ වයස අවුරුදු 20 න් පහළ (Under 20) ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් විය.
තරගය අතරතුර ඒඩ්න් මර්ෆි ද තත්පර 19.88 කින් තරගය නිම කළ අතර ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක සටහන් කළහ. ගවුට් ගවුට් තත්පර 20 සීමාව (Sub-20 barrier) පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වූ අතර මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසෙන් බෝල්ට්ගෙන් පසු ලෝක මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂීම දක්ෂතාව මොහු බවයි.














