අධිවේගී මාර්ගවල අධික වේගයෙන් සහ අනතුරුදායක ලෙස රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ සීසීටීවී (CCTV) කැමරා දර්ශන භාවිතයෙන් එවැනි රියදුරන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. උත්සව සමයේ සිදුවන රිය අනතුරු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
අධිවේගී මාර්ග පිවිසුම් අසල පොලිස් නිලධාරීන් විශේෂයෙන් යොදවා ඇති අතර රථවාහන තදබදය පාලනය කිරීමට ද පියවර ගෙන ඇත. මීට අමතරව රථවාහන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ වීඩියෝ දර්ශන මහජනතාවට ඉදිරිපත් කිරීම සඳහා 070 4755600 යන විශේෂ WhatsApp අංකය හඳුන්වා දී තිබේ. අනතුරුදායක ලෙස රිය පදවන පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙම අංකය හරහා පොලිසියට ලබා දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.













