ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය සම්බන්ධයෙන් ඊශ්‍රායල වැසියන් අතර සිදු කළ නවතම මත විමසුමක ප්‍රතිඵල ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය (Hebrew University) විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, ඊශ්‍රායල වැසියන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් මෙම සටන් විරාමයට සිය විරෝධය පළ කර ඇත.
සටන් විරාමයට ගරු කළ යුතුද නැතහොත් ඉරානයට එරෙහි ප්‍රහාර යළි ආරම්භ කළ යුතුද යන්න පිළිබඳව ජනතාව බෙදී පවතින අතර, 39% ක් පවසා ඇත්තේ ප්‍රහාර දිගටම කරගෙන යා යුතු බවයි. තවත් 41% ක් සටන් විරාමයට ගරු කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමඟ පවතින ගැටුම් සඳහා මෙම සටන් විරාමය බලනොපැවැත්විය යුතු බව 61% කට වැඩි පිරිසකගේ මතය වී ඇත. ඇමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වුවද, ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර දරුණු ගැටුම් තවදුරටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී.













