වර්තමාන රජයේ කිසිදු අමාත්‍යවරයෙකු හෝ නිලධාරියෙකු දූෂණ ක්‍රියාවල නිරත වී නොමැති බවත්, පවසන පරිදි ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බවත් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි. ඊයේ (අප්‍රේල් 12) රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමන් බලයට පැමිණියේ පෞද්ගලික වාසි තකා නොව සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවත්, රජයේ කිසිවෙකුට හොරකම් කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













