ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාර විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (අප්‍රේල් 12) රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව රටේ කුඩා දරුවෙකු පවා දැනුවත්ව සිටින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන රජයේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, සත්‍යය වසන් කරමින් රජය පැය 24 පුරාම ජනතාවට විහිළු සපයන බවයි. දූෂණ විරෝධී ප්‍රතිපත්ති ගැන කතා කරන රජය මෙවැනි පැහැදිලි වංචාවන් හමුවේ දක්වන නිහඬතාව හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහය හාස්‍යජනක බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.













