ඉරාන වරායන් සහ නෞකා සඳහා ඇමෙරිකානු සම්බාධක පැනවීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (අප්‍රේල් 13) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 101.9 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 6.61 ක වර්ධනයකි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 103.6 දක්වා ඉහළ ගොස් ඇත්තේ සියයට 6.97 ක ප්‍රතිශතයකින් අගය ඉහළ දමමිනි. ඇමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට ගෙන ඇති තීරණය හමුවේ ගෝලීය බලශක්ති වෙළෙඳපොළ මෙලෙස දැඩි කැළඹීමකට ලක්ව ඇත.














