හංගේරියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පීටර් මාගියාර් (Péter Magyar), එරට හිටපු විදේශ අමාත්‍ය පීටර් සිජ්ජාර්ටෝ (Péter Szijjártó) හට බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. සිය ධුරයෙන් ඉවත් වීමට පෙර විදේශ අමාත්‍යාංශය සතු සම්බාධකවලට අදාළ රහස්‍ය ලේඛන විනාශ කරමින් (shredding) පවතින බවට අභ්‍යන්තර තොරතුරු උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.
බුඩාපෙස්ට් නුවර අද (අප්‍රේල් 13) පැවති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක් අතරතුරදී මාගියාර් මේ බව අනාවරණය කළේය. රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ රුසියානු පුද්ගලයින් යුරෝපා සංගම් සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සහාය දීම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍යවරයාට මීට පෙර ද චෝදනා එල්ල වී තිබුණි. කෙසේ වෙතත්, මෙම නවතම චෝදනාව සම්බන්ධයෙන් හංගේරියානු විදේශ අමාත්‍යාංශය මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.













