බිඳ වැටී ඇති ඇමෙරිකා – ඉරාන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සාකච්ඡා යළි ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khawaja Asif) පවසයි. දෙරට අතර පවතින දැඩි යුධමය හා ආර්ථික උණුසුම මධ්‍යයේ වුවද, යළිත් සාකච්ඡා මේසයට පැමිණීමේ සහනදායී ස්වරූපයක් දැනෙන බව ඔහු පෙන්වා දෙයි.
පසුගිය දිනවල පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුවද, ඉන් අනතුරුව උදාවී ඇති වාතාවරණය යහපත් බවත් මේ දක්වා කිසිදු පාර්ශවයකින් සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඇමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත නාවික අවහිරතා පැනවීමට පියවර ගෙන ඇති පසුබිමක, පාකිස්තානයේ මෙම මැදිහත් වීම කලාපීය සාමය සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇත.














