හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත ඇමෙරිකානු යුද නැව් ළඟා වීම සම්බන්ධයෙන් ඉරානය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉරානයේ කටම් අල්-අන්බියා (Khatam al-Anbiya) මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිය මුහුදු සීමාවට ළඟා වන ඕනෑම යුද නෞකාවකට එරෙහිව ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඇමෙරිකාව විසින් ගොඩබිම් ආක්‍රමණයක් (Ground war) ආරම්භ කළහොත්, ඊට මුහුණ දීම සඳහා ඉරාන හමුදා සාමාජිකයින් මිලියනයක් (දස ලක්ෂයක්) සටන් පෙරමුණට යෙදවීමට සූදානම් බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ ඉරානය මෙලෙස සිය උපරිම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සූදානම් වීමත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඇමෙරිකානු නාවික අවහිරතාවය හමුවේ ඉරානය පසුබෑමකට සූදානම් නැති බව පෙන්වන මෙම ප්‍රකාශය, ඉදිරි දින කිහිපය තුළ කලාපයේ ඇති විය හැකි දරුණු ගැටුමක පෙරනිමිත්තක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: jacksone hinkle(x) ඇසුරින්














