පසුගිය මාර්තු 02 වැනිදා සිට ලෙබනනය තුළ පවතින දරුණු යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2,089 දෙනෙකුට ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල වාර්තාවලට අනුව, මියගිය පිරිස අතර අහිංසක දරුවන් 166 දෙනෙකු ද සිටින බව තහවුරු කර තිබේ.
මෙම ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයින් 6,762 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් පැවතියද, ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය සිය ප්‍රහාර අඛණ්ඩව දියත් කරන බව මීට පෙර නිවේදනය කළේය. මේ හේතුවෙන් කලාපය තුළ පවතින මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.













