ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ නායිකා සහේරා ගන්බාරිගේ රාජසන්තක කර තිබූ දේපළ නිදහස් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ ඉරානයේ මිසාන් පුවත් ඒජන්සිය සඳහන් කළේ අධිකරණ නියෝගයකට අනුව ඇයගේ දේපළ මෙලෙස නිදහස් කළ බවයි පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාවේදී දේශපාලන රැකවරණ පතා පසුව එය ඉල්ලා අස්කරගෙන නැවත මෙරටට පැමිණීමෙන් පසු ඇයගේ හැසිරීමේ ඇති වූ වෙනස සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව බලධාරීහු පවසති
පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ යුදමය වාතාවරණය හමුවේ පැවැති ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වූ ගන්බාරි ඇතුළු ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඕස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියහ එහිදී ඔවුන් ඉරාන ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නැවත එරටට ගියහොත් දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි යන බියක් පැවති නමුත් පසුව ඇය ඇතුළු ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සිය තීරණය වෙනස් කරමින් නැවත ඉරානයට පැමිණියහ ටෙහෙරාන් අගනුවරදී ඔවුන් උණුසුම් ලෙස පිළිගැනීමට ද එරට බලධාරීන් කටයුතු කර තිබුණි














