ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් සමනය කිරීම සඳහා වන සාකච්ඡාවල දෙවන වටයක් පවත්වන ලෙස පකිස්ථානය යෝජනා කර තිබේ. ඉස්ලාමාබාද් නුවර පැවති පළමු වටයේ සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශ්වයම යම් ප්‍රගතියක් පෙන්වා ඇති පසුබිමක මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව පකිස්ථාන නිලධාරීන් අද (අප්‍රේල් 14) තහවුරු කළේය.
ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව සුබවාදී අදහස් පළ කර ඇති අතර, ඉරානය ද යම් එකඟතාවයකට පැමිණීමේ කැමැත්තක් දක්වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර ඇත. දෙවන වටයේ සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර දෙපාර්ශ්වයම යළිත් සාකච්ඡා මේසයට ගෙන ඒමට පකිස්ථාන රජය දැඩි උත්සාහයක නිරත වේ.














