ලොව සුපිරි තරුවක් වන කිම් කාර්ඩේෂියන් අපරාධ යුක්ති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සිදුකරන සිය මෙහෙයුම බ්‍රෝඩ්වේ (Broadway) වේදිකාව දක්වා පුළුල් කර තිබේ. ඒ අනුව, වසර 22ක් අසාධාරණ ලෙස මරණ දණ්ඩනයට නියම වී සිට පසුව නිදහස් වූ නික් යාරිස්ගේ සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය වූ ‘The Fear of 13’ නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායමට ඇය එක්වී ඇත. වේදිකා නාට්‍ය කලාව හරහා මිනිසුන්ගේ හදවත්වලට සමීප වෙමින් නීති පද්ධතියේ පවතින දුර්වලතා පෙන්වා දීම ඇයගේ අරමුණ වී තිබේ. තමන් පසුගිය දශකය පුරා නිහඬ කරවූවන් වෙනුවෙන් සටන් කළ බවත්, මෙම නිර්මාණය හරහා සංඛ්‍යාලේඛනවලට එහා ගිය මනුෂ්‍යත්වය ලෝකයාට පෙන්විය හැකි බවත් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වැඩිදුරටත් සඳහන් කර සිටියි.














