කැනඩාවේ වර්ධනය සහ අභිමානය වෙනුවෙන් සීක් ප්‍රජාව ඉටුකරන සුවිශේෂී දායකත්වය එරට අගමැති මාර්ක් කාර්නි මහතාගේ ඇගයීමට ලක්ව තිබේ. වෙසක්කි (Vaisakhi) උත්සවය සහ සීක් උරුමයන් සැමරීමේ මාසය වෙනුවෙන් ඔටාවා නුවර පැවැති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා සඳහන් කළේ, සීක් වැසියන් පරම්පරා ගණනාවක සිට යුක්තිය, පරිත්‍යාගය සහ සේවය යන උදාර ගුණාංග පෙරදැරිව කැනඩාව ගොඩනැගීමට කැපවී ඇති බවයි. විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමයේදී එම ප්‍රජාව සිදුකළ සේවය අනුස්මරණය කරන ‘Promises’ කෙටි චිත්‍රපටය ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, සීක් ප්‍රජාව සතු ව්‍යවසායකත්වය සහ ජයග්‍රහණ කැනඩාවේ ශක්තියට ප්‍රධාන හේතුවක් බව අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














