මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඉරානය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා උපහාසාත්මක පිළිතුරක් ලබා දී තිබේ. හයිද්‍රාබාද්හි පිහිටි ඉරාන කොන්සල් කාර්යාලය X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “හෝමුස් සමුද්‍ර සන්ධිය යනු සමාජ මාධ්‍ය ජාලයක් නොවන බවත්, යමෙකු ඔබව එහිදී අවහිර (Block) කළහොත් ඔබට පෙරළා ඔවුන්ව අවහිර කළ නොහැකි” බවත්ය. පකිස්ථානයේ පැවති සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඇමරිකාව මෙම දැඩි තීරණය ගෙන ඇති අතර, යුද්ධය ආරම්භ වූ දා සිටම මෙම මුහුදු සන්ධිය ප්‍රායෝගිකව වසා දමා ඇති පසුබිමක ඇමරිකාවේ මෙම නව නිවේදනය ඉරානය මෙලෙස විවේචනයට ලක් කර ඇත.














