ඉරාන යුද්ධය විවේචනය කිරීම හේතුවෙන් 14 වන ලියෝ පාප්වහන්සේට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයැදීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. පාප්වහන්සේ “අපරාධ සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරන” බවට ට්‍රම්ප් කළ චෝදනාව දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති අතර, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි ද මෙය “පිළිගත නොහැකි” ප්‍රකාශයක් ලෙස හඳුන්වමින් සිය අප්‍රසාදය පළ කර ඇත. සාමය වෙනුවෙන් හඬ නැගීම පාප්වහන්සේගේ වගකීමක් බව අවධාරණය කරමින් මෙලෝනි විසින් ට්‍රම්ප්ව විවේචනය කිරීම විශේෂත්වයක් වන්නේ ඇය සාමාන්‍යයෙන් ට්‍රම්ප් සමඟ සමීප සබඳතාවක් පවත්වන නායිකාවක් බැවිනි.














