ජර්මනියේ ආරක්ෂක අංශ විසින් එරට ආරක්ෂක ක්ෂේත්‍රයේ නියැලී සිටින සමාගම් වෙත ඔත්තු බැලීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියා (Espionage and Sabotage) සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ජර්මානු ඩ්‍රෝන නිෂ්පාදන ආයතනයක රහස් තොරතුරු රුසියාවට ලබාදුන් බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම තත්ත්වය වඩාත් බරපතල වී ඇත. පවතින තර්ජන හමුවේ සිය ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නංවා ගැනීමටත්, මාර්ගගත (Online) සහ සෘජු ඔත්තු බැලීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ජර්මානු ෆෙඩරල් ව්‍යවස්ථා ආරක්ෂණ කාර්යාංශය ආරක්ෂක කර්මාන්තයට දැනුම් දී තිබේ.














