අලුත් අවුරුදු සමය තුළ බීමත්ව සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිවේගී මාර්ග ඇතුළු දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය දැනුම් දෙයි. 2026 වසරේ ගතවූ මාස 4ක කාලය තුළ පමණක් මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 713 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් වැඩිම පිරිසක් (248ක්) යතුරුපැදිකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පෙන්වා දෙයි. මේ අතර, අවුරුදු නිවාඩුවට විනෝද චාරිකා යන ජනතාව අපරික්ෂාකාරී ලෙස දියනෑමෙන් වළකින ලෙස ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.














