ඉරානය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ලෝක තෙල් වෙළඳපොළ ඉතිහාසයේ නොවූ විරූ බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය නවතම වාර්තාව මඟින් අනාවරණය කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන තෙල් ප්‍රවාහන මාර්ග අවහිර වීම හේතුවෙන් දිනකට බැරල් මිලියන 20ක්ව පැවති සැපයුම අප්‍රේල් මුල වන විට මිලියන 3.8ක් දක්වා දරුණු ලෙස පහත වැටී තිබේ. මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 130 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2026 වසර සඳහා පවතින ගෝලීය තෙල් ඉල්ලුම ද විශාල ලෙස පහත වැටෙනු ඇති බවට එම වාර්තාව වැඩිදුරටත් පුරෝකථනය කරයි.














