ඉරානයට පනවා ඇති නාවික අවහිරතාවයට (Naval Blockade) සමගාමීව, එම රටට මුදල් ගලා යන මාවත් අවහිර කිරීමේ මීළඟ තීරණාත්මක පියවර ඇමෙරිකාව විසින් ගෙන තිබේ. ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), හොංකොං, චීනය සහ ඕමානය යන රටවල බැංකු පද්ධති හරහා ඉරානයට මුදල් හුවමාරු කිරීමට සහාය වන බවට ඇමෙරිකානු මහා භාණ්ඩාගාරය (US Treasury) එම රටවලට නිල වශයෙන් අනතුරු ඇඟවීය.
නාවික අවහිරතාව හරහා මුහුදු මාර්ග වසා දැමීමෙන් පසු, ඉරාන පාලනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ගලා එන “පයිප්ප” (pipes) හෙවත් බැංකු පද්ධති වසා දැමීම ඇමෙරිකාවේ උපායමාර්ගය වී ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේදී චීන නෞකා නතර කරන බවට මීට පෙර කළ දැනුම් දීමට අමතරව, දැන් චීන බැංකු හරහා සිදුකරන විද්‍යුත් මුදල් හුවමාරු (Wire transfers) සම්බන්ධයෙන් ද දැඩි පියවර ගන්නා බවට වොෂින්ටනය දැනුම් දී තිබේ.
මෙම අනතුරු ඇඟවීම නොසලකා හරින බැංකු සහ මූල්‍ය ආයතනවලට ඇමෙරිකානු ඩොලර් භාවිතයෙන් කෙරෙන ජාත්‍යන්තර ගනුදෙනු තහනම් කිරීමටත්, ඔවුන් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් ඉඩ පවතී. ඉරාන හමුදා ප්‍රකාශකයා විසින් “මිලියනයක හමුදාවක්” යෙදවන බවට කළ තර්ජනයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකාව මෙම මූල්‍යමය ප්‍රහාරය දැඩි කර ඇති බව විචාරකයෝ පවසති. ඉරාන ආර්ථිකය මේ වන විටත් අඩපණ වී ඇති පසුබිමක, මෙම නවතම මූල්‍යමය වටලෑම ඉරාන පාලන තන්ත්‍රයට දරාගත නොහැකි පීඩනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම:mario nawfal(x) ඇසුරින්













