ඇමෙරිකානු නාවික සහ මූල්‍ය අවහිරතාවය හේතුවෙන් ඉරාන ආර්ථිකය දැඩි ලෙස අඩපණ වී ඇති අතර, ඒ හේතුවෙන් ඉරාන පාලන තන්ත්‍රය මේ වන විට “සැබෑ බියකින්” පසුවන බව ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ෆොක්ස් නිව්ස් නාලිකාවේ බිල් හෙමර් (Bill Hemmer) වෙත ප්‍රකාශ කර තිබේ.
ඉරානයට පනවා ඇති දැඩි සම්බාධක සහ තෙල් අපනයනය නතර කිරීමේ උපායමාර්ගය සාර්ථක වී ඇති බවත්, නව සාම ගිවිසුමක් සඳහා අවශ්‍ය සියලුම මූලික කරුණු (ingredients) මේ වන විට සූදානම් බවත් ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, අවසන් එකඟතාවයකට පැමිණීමට තවත් කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රකාශය නිකුත් වන්නේ ඉරාන තෙල් සඳහා ලබාදුන් සහන කාලය දීර්ඝ නොකිරීමට ඇමෙරිකාව තීරණය කිරීමත් සමඟය. ඉරානය සිය විකල්ප වෙළඳ මාර්ග පිළිබඳව පුරසාරම් දෙඩුවද, ඇමෙරිකානු මහා භාණ්ඩාගාරය විසින් ජාත්‍යන්තර බැංකු පද්ධති වෙත එල්ල කර ඇති පීඩනය හමුවේ ඉරාන රජයට සිය හමුදාමය සහ පරිපාලන වියදම් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතී. පාකිස්ථාන අගමැතිවරයාගේ සෞදි සහ තුර්කි සංචාරය හරහා දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා මග සෙවෙන්නේ මෙම පසුබිම තුළ වන අතර, ඉරානය මෙවර වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි වොෂින්ටනය අපේක්ෂා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Fox News ඇසුරින්















