ගෝලීය ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන ඉන්දීය දේශපාලන මැදිහත්වීම් විවේචනයට ලක් කරමින් විස්ඩන් සඟරාව සිය 163 වැනි වාර්ෂික සංස්කරණය මගින් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් තත්ත්වය අධිකාරීවාදී (Orwellian) ස්වරූපයක් ගන්නා බවයි එහි සංස්කාරක ලෝරන්ස් බූත් පෙන්වා දෙන්නේ ඉන්දීය ආධිපත්‍යය නිසා ක්‍රීඩාව අහිතකර ලෙස දේශපාලනීකරණය වී ඇති බවයි
මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා මහතා ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාගේ පුත්‍රයා වීම සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) අනුබද්ධ අංශයක් ලෙස ක්‍රියා කිරීම විස්ඩන් සඟරාවේ දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇත 2025 ආසියානු කුසලානය සහ විස්සයි20 ලෝක කුසලානය වැනි ප්‍රධාන තරඟාවලි සඳහා ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පවතින දේශපාලන නොසන්සුන්තාවන් සෘජුවම බලපා ඇති බව ද එහි සඳහන් වේ














