උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිපදවීමේ හැකියාව ඉතා බරපතල මට්ටමකින් ඉහළ නංවා ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) අද (15) ප්‍රකාශ කළේය. සෝල් නුවරදී අදහස් දක්වමින් ඔහු තහවුරු කළේ උතුරු කොරියාවේ යුන්ග්බියොන් (Yongbyon) න්‍යෂ්ටික සංකීර්ණයේ පිහිටි මෙගාවොට් පහේ ප්‍රතික්‍රියාකාරකය, සැහැල්ලු ජල ප්‍රතික්‍රියාකාරකය සහ අනෙකුත් පහසුකම්වල ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් වර්ධනය වී ඇති බවයි. දැනට පවතින ඇස්තමේන්තුවලට අනුව උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික යුධ හිස් දුසිම් කිහිපයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මධ්‍ය පෙරදිග යුධ වාතාවරණය හමුවේ ලෝක අවධානය වෙනතකට යොමුව ඇති පසුබිමක, උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය කලාපීය ආරක්ෂාවට දැඩි තර්ජනයක් වී තිබේ.














