ඉරානයෙන් තෙල් ලබාගන්නා චීන ටැංකි නැව් හෝමුස් සමුද්‍ර සන්ධියේදී අවහිර කිරීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගන්නා බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) ප්‍රකාශ කර තිබේ. චීනයට අවශ්‍ය නම් වෙනත් ඕනෑම රටකින් තෙල් ලබාගත හැකි වුවද, ඉරාන තෙල් ලබාගැනීමට අමෙරිකාව ඉඩ නොදෙන බව ඔහු වොෂින්ටන් ඩී.සී. හිදී අවධාරණය කළේය.
ඉරාන තෙල්වල ප්‍රධානතම ගැනුම්කරුවා වන චීනය, භාණ්ඩ අපනයනය සීමා කිරීම වැනි ක්‍රියා හරහා “විශ්වාස කළ නොහැකි ගෝලීය හවුල්කරුවෙකු” ලෙස කටයුතු කරන බවට ද බෙස්න්ට් චෝදනා කර ඇත. මෙම තත්ත්වය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බීජිං සංචාරයට බලපෑමක් එල්ල කරන්නේ ද යන්න පිළිබඳව ඔහු නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත. පවතින අමෙරිකා-ඉරාන යුධ වාතාවරණය හමුවේ මෙම තීරණය ගෝලීය තෙල් වෙළඳපොළට මෙන්ම චීන-අමෙරිකා ආර්ථික සබඳතාවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















