කීර්තිමත් නීති ආයතනවල වෘත්තීය කටයුතු, විවිධත්ව ප්‍රතිපත්ති (Diversity policies) සහ දේශපාලන සබඳතා පදනම් කරගනිමින් ඒවාට දඬුවම් පැමිණවීමට ට්‍රම්ප් පරිපාලනය නිකුත් කළ විධායක නියෝග අධිකරණය විසින් අවලංගු කර තිබුණි. එම තීරණයට එරෙහිව රජය ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඩුල්ලක් වොෂින්ටන් ඩී.සී. අභියාචනාධිකරණය විසින් නම් කර ඇත.
මෙම විනිසුරු මඩුල්ලට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් පත් කරන ලද ශ්‍රී ශ්‍රීනිවාසන් සහ කොර්නේලියා පිලර්ඩ් යන විනිසුරුවරුන් දෙපළ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය පළමු ධුර කාලයේදී පත් කරන ලද නියෝමි රාඕ විනිසුරුවරිය ඇතුළත් වේ. මෙහිදී O’Melveny & Myers සහ Williams & Connolly වැනි ප්‍රමුඛ පෙළේ නීති ආයතන ඉලක්ක කර ගනිමින් පනවා තිබූ නියෝගවල නීත්‍යානුකූලභාවය පිළිබඳව මැයි 14 වනදා දෙපාර්ශවයේ කරුණු විමසීමට නියමිතය. විධායක බලතල සහ වෘත්තීය නිදහස අතර පවතින සීමාවන් තීරණය කෙරෙන බැවින් මෙම නඩු විභාගය නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














