අද (15) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














