ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබාදීම සඳහා අද (19) අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මීට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සංජය සමරසිංහ මහතාට අයත් ගල්කිස්සේ පිහිටි නිවස හදිසි පරීක්ෂාවකට ලක් කර එහි තිබූ සේප්පුවක් තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා සිය භාරයට ගැනීමට ද පියවර ගෙන තිබුණි.













