කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, විදේශ රටවල සිට එවන ලද සැකකටයුතු තැපැල් පාර්සල් 11ක් තුළ සඟවා තිබූ රුපියල් මිලියන 67.53කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශය සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය විසින් සිය භාරයට ගෙන තිබේ.
තායිලන්තය, ඇමරිකාව, කැනඩාව, බ්රිතාන්යය, බෙල්ජියම, ප්රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල සිට මෙම පාර්සල් එවා ඇති අතර, කිලෝ 3.1කට අධික කුෂ් ගංජා තොගයක්, MDMA පෙති සහ මැන්ඩි මත්ද්රව්ය මෙලෙස සොයාගෙන ඇත. අදාළ පාර්සල් භාරගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් ඒවා පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර විවෘත කර පරීක්ෂා කර ඇති අතර, ඉදිරි විමර්ශන සඳහා මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දී තිබේ.














