මෙම වසරේ (2026) ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගත වූ මාස 9ක කාලය තුළ සංචාරක ක්ෂේත්රයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2,000 ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු වාර්තාවකට අනුව, අදාළ මාස 9ක කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,245.2ක් ලෙස වාර්තා වන අතර, 2025 වසරේ එම කාලයට සාපේක්ෂව මෙහි සුළු අඩුවීමක් දැකගත හැකිය. 2025 වසරේ පළමු මාස 9 තුළ සංචාරක ආදායම ඩොලර් මිලියන 2,472.9ක් ලෙස සටහන් වී තිබුණි. මේ අතර, මෙම වසරේ මුල් මාස 9 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්යාව 1,693,679ක් බවද වැඩිදුරටත් සඳහන් වේ.













