ඩුබායි රාජ්යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා මත්ද්රව්ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වලද නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අභියාචනාධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ.
මොහු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම මහේන් ගොපල්ලව සහ ඒ. ප්රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (19) සලකා බැලුණු අතර, එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සැකකරුට එරෙහිව පවතින නඩු කිහිපයක් හැර ත්රස්තවාදය යටතේ රඳවා ගැනීමට නීතිමය පදනමක් නොමැති බවයි. ඊට ප්රතිචාර දක්වමින් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ, සැකකරු අවි ජාවාරම්වලට අමතරව අන්තවාදී සංවිධාන සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇද්ද යන්න පිළිබඳවද පුළුල් විමර්ශන සිදු කෙරෙන බැවින් මෙම රඳවා තබාගැනීම නීත්යානුකූල බවය. සැකකරුගේ පහසුකම් සම්බන්ධයෙන් පෙත්සම්කරු කළ ඉල්ලීම් ගැන කරුණු දක්වන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කර ඇත.













