මීගොඩ, උඩගෙවත්ත පාර ප්‍රදේශයේ ප්‍රධාන ජල නළයක් පුපුරා යාම හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ විශාල වශයෙන් ජලය අපතේ යන බව ප්‍රදේශවාසීන් පවසති. ලබුගම කලටුවාව ජලාශය මඟින් ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයක මෙම කාන්දුව සිදුවන බව වාර්තා වේ.
මෙම ජල කාන්දුව හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට දින කිහිපයක සිට ජලය ලැබීම ද නතර වී ඇති බව ජනතාව පෙන්වා දෙති. සතියක පමණ කාලයක සිට ජලය අපතේ යමින් පැවතිය ද, මේ දක්වා එය අලුත්වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.














