ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මැලේසියානු ජොහෝ ටයිගර්ස් (Johor Tigers) ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා රග්බි සභාපතිවරයාගේ කණ්ඩායම (SLR President’s XV) අතර රග්බි තරගය අද (15) පස්වරු 4.00 ට වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ෆීජි ක්‍රීඩකයන් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ජොහෝ ටයිගර්ස් කණ්ඩායම මෙරටට පැමිණියේ තරග දෙකකින් සමන්විත සංචාරයක් සඳහාය. පසුගියදා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම සමඟ පැවති පළමු තරගයෙන් ඔවුන් ලකුණු 45 ට 12 ක් ලෙස පරාජයට පත් විය. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා මැන බැලීමට මෙම සංචාරක තරගාවලිය මනා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














