ඊශ්‍රායලයේ ජාතික බුද්ධි ඒජන්සිය වන මොසාඩ් (Mossad) සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉරාන ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඉරානයේ පළාත් 06ක් පුරා ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුම් මාලාවකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඉරානයේ IRNA පුවත් සේවය වාර්තා කරයි.
මෑතකාලීනව කලාපය තුළ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉරානය සිය අභ්‍යන්තර ආරක්ෂාව දැඩි කර ඇති අතර, විදේශීය බුද්ධි අංශ සමඟ සම්බන්ධතා පවත්වන්නන් සොයා මෙලෙස වැටලීම් පුළුල් කර ඇත.














