ඉරාන යුද වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ, පසුගිය මාර්තු මාසයේදී නෝර්වේ රාජ්‍යයේ බොරතෙල් අපනයනය 68% කින් ඉහළ ගොස් ඇති බව එරට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (15) ප්‍රකාශ කළේය. මෙය නෝර්වේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අපනයන වටිනාකම ලෙස සැලකේ.
රුසියාව හැරුණු විට යුරෝපයේ විශාලතම තෙල් හා ස්වභාවික වායු නිෂ්පාදකයා වන්නේ නෝර්වේ රාජ්‍යයයි. සාමාන්‍ය කාලසීමාවන්හිදී ලෝක බොරතෙල් සහ දියර ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ. ඉරාන යුද්ධය හේතුවෙන් එම සැපයුම් මාර්ග අඩාල වීම නිසා ඇති වූ “සැපයුම් කම්පනය” (Supply Shock) මාර්තු මාසයේදී තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වූ බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.














