හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ ඉරාන ධජය සහිත තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදාවේ USS Spruance (DDG-111) ප්‍රහාරක නෞකාව සමත්ව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක වී අදට (16) දින තුනක් ගත වන අතර, මේ දක්වා ඉරානයට අයත් නෞකා 10ක් පමණ මෙලෙස හරවා යවා ඇති බව වාර්තා වේ.
ලෝක තෙල් ප්‍රවාහයෙන් 20%ක් පාලනය වන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය අවහිර කිරීමේ අරමුණ ඉරානයට දැඩි ආර්ථික සහ දේශපාලනික පීඩනයක් එල්ල කිරීමයි. මෙම දැවැන්ත මෙහෙයුම සඳහා අමෙරිකානු සෙබළුන් 10,000කට අධික පිරිසක්, යුද නැව් 12කට වැඩි ප්‍රමාණයක් සහ ගුවන් යානා රැසක් යොදවා තිබේ. කෙසේ වෙතත්, ඉරානයට සම්බන්ධ නොවන අනෙකුත් ජාත්‍යන්තර නෞකා සඳහා මෙම සීමාවන් බලනොපාන බව අමෙරිකානු හමුදා ප්‍රකාශ කර ඇත.














