මඩකලපුව – කල්මුණේ පැරණි මාර්ගයේ නාවට්කුඩා දේවස්ථානය අසලදී සිදුවූ බිහිසුණු යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. අතුරු මාර්ගයක අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගොඩනැඟිල්ලක බිත්තියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ සිසුන් දෙදෙනා මුලින්ම කාත්තන්කුඩි මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් දෙදෙනාම හිස් ආවරණ (Helmets) පැළඳ නොසිටීම හේතුවෙන් ඔවුන්ට බරපතළ තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි. කාත්තන්කුඩි රථවාහන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














