කර්මාන්ත සඳහා අවශ්‍ය වායූන් නිෂ්පාදනය කරන ප්‍රංශයේ Air Liquide සමාගම, ජපානයේ හිරෝෂිමා නගරය කේන්ද්‍ර කරගනිමින් නව කාර්මික වායු නිෂ්පාදන ඒකක දෙකක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 200ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 236ක) ආයෝජනයක් සිදු කරන බව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. ලොව ප්‍රමුඛතම අර්ධ සන්නායක (semiconductor) නිෂ්පාදන සමාගමක් සමඟ ඇති කරගත් දිගුකාලීන ගිවිසුමකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම නව පිරිපහදු ඒකක 2028 වසරේ අවසානය වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් කෘතිම බුද්ධි (AI) යෙදුම් සඳහා භාවිතා කරන මීළඟ පරම්පරාවේ උසස් චිප් නිෂ්පාදනයට අවශ්‍ය අතිශය පිරිසිදු නයිට්‍රජන්, ඔක්සිජන් සහ ආගන් වායූන් විශාල වශයෙන් සැපයීමට නියමිතය. ගෝලීය වශයෙන් AI තාක්ෂණය සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, ජපානයේ උසස් චිප් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට මෙම ආයෝජනය මහත් පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














