හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා පිළියන්දල, මාම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සොයාගත් අවි ආයුධ ලැයිස්තුව
ජීව අත්බෝම්බයක්
ටී 56 (T-56) වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන මැගසින් 02ක්
ටී 56 ජීව පතරොම් 221ක්
0.22 වර්ගයේ පතරොම් 103ක්
84S වර්ගයේ ජීව පතරොම් 31ක්
බෝර 12 වර්ගයේ ගිනි අවියක් (මෙය මන්ත්‍රීවරයාගේ වගා ඉඩමක් සඳහා නිකුත් කරන ලද්දකි)
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු මන්ත්‍රීවරයා අද දින කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මොහු සතුව තිබූ මෙම පතරොම් සහ අත්බෝම්බය ළඟ තබාගැනීමේ අරමුණ සහ ඒවායේ මූලාශ්‍ර පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














