ඉරාන යුද්ධය හේතුවෙන් වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන නිදහස යළි ස්ථාපිත කිරීම සඳහා වූ විශේෂ රාජ්‍යතාන්ත්‍රික හමුවක් අද (17) පැරිසියේදී පැවැත්වේ. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය සම-සභාපතිත්වය දරන මෙම හමුවට රටවල් 40 ක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. යුද්ධය අවසන් වූ පසු හෝ ස්ථාවර සටන් විරාමයක් ප්‍රකාශයට පත් වූ පසු, ජාත්‍යන්තර නාවික ගමන් බිමන් සඳහා ආරක්ෂාව සැපයීම මෙහි මූලික අරමුණයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර, වොෂින්ටනය විසින් ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් (Blockade) නිසා ලෝක වෙළඳාමට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම සාකච්ඡාව සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සහ ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ඇතුළු ලෝක නායකයන් පිරිසක් සහභාගී වේ. දැනට අතරමංව සිටින නාවිකයන් 20,000 කගේ ආරක්ෂාව සහ මහා පරිමාණ නාවික යාත්‍රා මුදා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත. මෙම මෙහෙයුම තනිකරම ආරක්ෂක අරමුණු (Defensive) සහිත එකක් වනු ඇති අතර, එය බෝම්බ ඉවත් කිරීම (Mine-clearance) සහ යුද නැව් මඟින් ආරක්ෂාව සැපයීම වැනි ක්‍රියාවලීන්ගෙන් සමන්විත වනු ඇතැයි අපේක්ෂිතය.














