පසුගිය බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටී ඇති අතර ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 319 දක්වා ඉහළ ගොස් තිබේ. එන්.ඩී.බී (NDB) බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.75 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 319.25 ක් ලෙසත් සටහන් වන අතර මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 312.36 ක් සහ විකුණුම් මිල රුපියල් 319.25 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සම්පත් බැංකුවේ ද ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙළින් රුපියල් 312.75 සහ රුපියල් 319.25 දක්වා වැඩි වී ඇත.
වාණිජ බැංකුව (Commercial Bank) ද සිය ඩොලරයක ගැනුම් මිල රුපියල් 310.57 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 319 ක් ලෙසත් අද දිනයේ යාවත්කාලීන කර තිබේ. සෙලාන් බැංකුවේ පමණක් ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිලෙහි වෙනසක් සිදු නොවී පිළිවෙළින් රුපියල් 312.65 ක් සහ රුපියල් 317.90 ක් ලෙස නොවෙනස්ව පවතින බව බැංකු වාර්තා පෙන්වා දෙයි. රුපියලේ අගය මෙලෙස සුළු වශයෙන් විචලනය වීම වෙළෙඳපොළ තත්ත්වයන් මත පදනම්ව සිදු වූවක් බව මූල්‍ය අංශ සඳහන් කරයි.














