කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු ද මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම නවතම සොයා ගැනීමත් සමඟ මෙම අවාසනාවන්ත අනතුරින් මියගිය සමස්ත පුද්ගල සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් තිබේ. අද (17) උදෑසන කාලයේදී අතුරුදන්ව සිටි පිරිසෙන් සිරුරු හතරක් මුලින්ම හමු වූ අතර, පසුව තවත් සිරුරු දෙකක් සොයා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් විය. අවසානයට අතුරුදන්ව සිටි දෙදෙනා සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණු අතර ඉන් අනතුරුව ඔවුන්ගේ සිරුරු ද සොයාගෙන ඇත.
වාර්තා වන අන්දමට කඩවත ප්‍රදේශයේ සිට කොබෙයිගනේ පදිංචි ඥාති නිවසකට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් පිරිසක් සහ තවත් පිරිසක් එක්ව දහපහකට ආසන්න කණ්ඩායමක් ලෙස දැදුරු ඔයට දිය නෑමට ගොස් තිබේ. එහිදී ඇති වූ ජල රකුසාගේ ගොදුරු බවට පත් වූ පිරිසෙන් අට දෙනෙකුට මෙලෙස සිය ජීවිත අහිමි වී ඇත. අලුත් අවුරුදු සමයේ විනෝද වීමට ගිය පිරිසකට මෙවැනි ඉරණමක් අත්වීම මුළු ප්‍රදේශයම ශෝකයට පත් කර ඇති අතර, ජලයට බැසීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














