ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසුව පෙට්‍රල් බෙදා හැරීම සඳහා යළිත් QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඉන්ධන කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සහ පාරිභෝගිකයින්ට පවතින ඉල්ලුමට සරිලන පරිදි සාධාරණ ලෙස ඉන්ධන ලබා දීම සහතික කිරීම මෙම පියවරෙහි අරමුණ බව එම සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව, මින් ඉදිරියට පෙට්‍රල් ලබා ගැනීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) මගින් නිකුත් කර ඇති QR කේතය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.














