අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ සහනය හෙට (අප්‍රේල් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
අලුත් අවුරුදු නිවාඩු සමයේ ජනතාවට සහනයක් ලෙස QR කේතය භාවිතයෙන් තොරව ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණි. එම සහන කාලය හෙටින් අවසන් වේ.
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම පෙට්‍රල් වාහන සඳහා යළිත් QR කේත ක්‍රමය අනිවාර්ය වේ.
QR ක්‍රමයට අමතරව, වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ක්‍රියාත්මක වන ‘ඔත්තේ ඉරට්ටේ’ ක්‍රමය ද හෙට සිට යළි බලාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
ඉන්ධන සංචිත කළමනාකරණය කර ගැනීම සහ පෝලිම් පාලනය කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බව බලධාරීහු පෙන්වා දෙති. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණීමේදී QR කේතය සහ අදාළ දිනය පිළිබඳව සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.














