අලුත් අවුරුදු නිවාඩුව නිමා කර යළි කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත යන ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරේ.
දැනට ධාවනය වන සාමාන්‍ය දුම්රිය කාලසටහනට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇත.
මෙම විශේෂ දුම්රිය සේවාව අප්‍රේල් 18 සහ 19 යන දෙදින පුරා ක්‍රියාත්මක වනු ඇත.
අවුරුදු නිවාඩුවෙන් පසු ආපසු පැමිණෙන මගී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සහ දුම්රිය තුළ ඇති වන තදබදය පාලනය කිරීම මෙම පියවරෙහි අරමුණයි.














