ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයක් සඳහා අවස්ථාවක් ලැබුණහොත් එය භාරගැනීමට තමන් සූදානම් බව හිටපු ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මහතා පවසයි.
දැනට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරු ධුරයක කටයුතු කරන ඔහු, මේ වන විට දිවයිනට පැමිණ සිටී. හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
පුහුණුකරු ධුරයක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, සුදුසු අවස්ථාවක් ලැබුණහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
රංගන හේරත් මීට පෙර බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද සාර්ථක මෙහෙවරක නිරත වූවෙකි. ඔහුගේ අත්දැකීම් ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට මහඟු පිටිවහලක් වනු ඇතැයි විචාරකයෝ විශ්වාස කරති.














