• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

17 April 2026
in දේශීය, පුවත්
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට  ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ආණ්ඩුවේ නායකයින් මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා පෙර නොවූ විරූ අයුරින් සෘජු බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. අද (17) පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනවලට ආණ්ඩුව අනිසි ලෙස ඇඟිලි ගසන බවයි. විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඉවත් කිරීම නීතිවිරෝධී සහ පක්ෂග්‍රාහී බව මානව හිමිකම් කොමිසම පවා තීන්දු කර ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙහෙයවීම සඳහා දේශපාලන පාක්ෂිකයෙකු වූ විශ්‍රාමික නිලධාරියෙකු යොදා ගනිමින් විරුද්ධ මතධාරීන් මර්දනය කරන බවට ද ඔහු චෝදනා කළේය. එමෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දේශපාලන අරමුණු වෙනුවෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන තත්ත්වයට පත්ව ඇති බවත්, සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක කොටසක් බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් මහතා අත්අඩංගුවට ගත් බව ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද, අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල ඇත්තේ වසර 19කට පෙර සිදුවූ උපකුලපතිවරයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමේ භයානක තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති බව කී මන්ත්‍රීවරයා, මේ පිළිබඳව දේශපාලන භේදයකින් තොරව අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙරට ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙකු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මේ අයුරින් සෘජුව බලපෑම් කර නැති බව පවසමින් ඔහු වත්මන් පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
Post Views: 4
Previous Post

ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාත් ඉල්ලා අස්වීමට සැරසේ

Next Post

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

Editor TTV News

Editor TTV News

Next Post
කුණ්ඩසාලේ ජනතාවට  රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ  අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  ජනාධිපතිවරයා වෙත යොමුකළ  ඉල්ලා අස්වීමේ ලිපිය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනාධිපතිවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය

17 April 2026
මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved