රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පස්වරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව හරහා වැදගත් රජයේ තීරණ කිහිපයක් දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙයට එක්ව සිටිති. මීට අමතරව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වේ.
බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සහ පවතින කලාපීය උණුසුම් තත්ත්වයන් මධ්‍යයේ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














