ඇමෙරිකානු සම්බාධක සහ නාවික අවහිර කිරීම් මධ්‍යයේ ඉරාන වරායන්ගෙන් පිටත් වූ නෞකා හතරක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමුද්‍රීය ගමනාගමන දත්තවලට අනුව අසාර්ගුන් (Azargoun), අශ්කාන් ත්‍රී (Ashkan 3), ශබ්ඩිස් (Shabdis) සහ ටාවා ෆෝ (Tawa 4) යන නෞකා මෙලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය පසුකර තිබේ. මින් නෞකා තුනක් ඉරාන ධජය සහිතව ගමන් කර ඇති අතර, අනෙක් නෞකාව කොමරෝස් ධජය යටතේ ගමන් කර ඇති බව වාර්තා වේ.
කලාපීය වශයෙන් පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හමුවේ වුවද තම අවහිර කිරීම් අඛණ්ඩවම සිදු කරන බව ඇමෙරිකානු නාවික හමුදාව නිවේදනය කර ඇත. ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ මෙම නෞකා ගමනාගමනය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.












